රාජාංගන සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
November 21, 2025 08:36 pm
ඇද හැළෙන අධික වර්ෂාපතනය හමුවේ රාජාංගන ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ අනුව අඩි 2 බැගින් වාන් දොරටු 04ක් විවෘත කර ඇති බවත් මේ තුළිත් තත්ත්පරයට ඝන අඩි 2,224ක් මුදා හැරෙනු ඇති බවය.
මේ අතර අංගමුව ජලාශයේද වාන් දොරටු 02ක් අඩි 01 බැගින් විවෘත කිරීමටද පියවර ගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව ඉන් තත්ත්පරයට ඝනඅඩි 640ක් කලාඔයට මුදා හැරෙනු ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
