පාකිස්තානයට ලකුණු 129ක ඉලක්කයක්
November 22, 2025 08:04 pm
තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය මේ වන විට රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ.
එහි කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 128ක් රැස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජනිත් ලියනගේ නොදැවී ලකුණු 41ක් රැස් කළ අතර කුසල් පෙරේරා ලකුණු 25ක් රැස් කළේය.
එමෙන්ම කමිල් මිෂාර ලකුණු 22ක් රැස් කිරීමට සමත් වූ අතර පැතුම් නිස්සංක ලකුණු 17ක් රැස් කළේය.
වනිඳු හසරංග ලකුණු 11ක් ලබා සිටියදී දැවී ගිය අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාවවත් ඉක්මවා යාමට සමත් වූයේ නැත.
පන්දු යැවීමේ දී පාකිස්තානය වෙනුවෙන් Mohammad Nawaz කඩුලු 3ක් දවා ගත් අතර Salman Mirza, Faheem Ashraf සහ Abrar Ahmed එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 129ක ඉලක්කයක් හඹා යාමට නියමිතය.
