දැදුරුඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ
November 22, 2025 08:40 pm
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 2 බැගින් විවෘත කර තිබේ.
ඒ අනුව එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 5,600 බැගින් ජලය නිකුත් කරන බව වාරියපොල ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කර සිටී.
එමෙන්ම තබ්බෝව ජලාශයේ ද වාන් දොරටු 6ක් අඩි 1කින් විවෘත කර ඇති අතර ඝන අඩි 1,220 බැගින් මී ඔයට ජලය මුදා හරින බවද වාරිමාර්ග අධ්යක්ෂවරයා පැවසීය.
රජාංගනය ජලාශයේ ද වාන් දොරටු 30න් වාන් දොරටු 4ක් මේ වන විට විවෘත කර ඇති අතර එයින් තත්පරේට ගණ අඩි 1,112ක ජල ධාරිතාවක් කලාඔයට මුදාහැරෙන බව වාර්තා වේ.
එමෙන්ම අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් මේ වන විට විවෘත කර ඇති අතර එයින් තත්පරයට ඝන අඩි 624ක ජල ධාරිතාවක් කලාඔයට මුදවා හැරෙන බව සඳහන් වේ.
මේ අතර ඊයේ පස්වරු කාලයේ ප්රදේශ රැසකට ඇඳහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම් ද ඉහළ ගොස් ඇත.
කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ගිං ගගේ ජල මට්ටම බද්දේගම ප්රදේශයෙන් සහ තවලම ප්රදේශයෙන් ඉහළ ගොස් ඇති අතර නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ සහ පානදුගම ප්රදේශවලින් ඉහළ ගොස් ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
