උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තැන් කිහිපයකින් බාධා

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තැන් කිහිපයකින් බාධා

November 27, 2025   12:17 pm

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටන් හා වටගොඩ අතර දුම්රිය මාර්ගයේ පසුකඳු කඩා වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.

එමෙන්ම අද (27) දින ධාවනය වීමට නියමිතව තිබූ බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ සිට නාවලපිටිය දක්වා පමණක් සීමා කිරීමට ද සිදුවූ බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මේ අතර මහනුවර සිට මාතලේ දක්වා ඇති දුම්රිය ගමනාගමනයටත් බාධා එල්ල වී ඇති බව දැනුම් දී තිබේ.

වත්තේගම හා කටුගස්තොට අතර දුම්රිය මාර්ගය වෙත පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාතලේ දුම්රිය ගමනාගමනය මෙලෙස සීමා කිරීමට සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.