මහනුවර - මහියංගනය මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි
November 27, 2025 12:54 pm
මහනුවර - මහියංගණ ප්‍රධාන මාර්ගය මැද මහනුවර සිට හසලක දක්වා කොටසෙහි වාහන ගමනාගමනය තාවකාලිකව නවතා දමා තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වී තිබෙන අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගයේ කොටසක් වාහන ගමනාගමනයට නතර කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
