මහියංගනය මූලික රෝහලේ වාට්ටු කිහිපයක් ජලයෙන් යටවෙයි

මහියංගනය මූලික රෝහලේ වාට්ටු කිහිපයක් ජලයෙන් යටවෙයි

November 28, 2025   01:07 am

පවතින අධික වර්ෂාවත් සමග මහියංගන මූලික රෝහලේ වාට්ටු කිහිපයක් මේ වනවිට ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ජලයෙන් යටවූ එම වාට්ටු තුළ සිටි රෝගීන් ඉහළ මාලයේ පිහිටි වාට්ටු වෙත රැගෙනගොස් තිබේ.

එමෙන්ම රෝහලේ විදුලියද විසන්ධි වී ඇති සඳහන්.

මේ අතර බදුල්ල රෝහලේද වාට්ටු කිහිපයක් අද පස්වරුවේ ජලයෙන් යටවී තිබුණද, මේ වනවිට එම ජලය බැසගොස් තිබේ.