දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදන

දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදන

November 28, 2025   04:08 am

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත් වනලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී තිබේ.

අද (28) පෙ.ව. 2 සිට හෙට (29) ප.ව. 2 දක්වා වූ පැය 24ක කාලය සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ තෙවන මට්ටමේ (රතු) නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය මේ බව පැවසීය.

ඒ අනුව පහත දිස්ත්‍රික්කයන්හිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩ නිකුත්කර තිබේ.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල
⁠හාලිඇල
⁠කන්දකැටිය
⁠පස්සර
⁠මීගහකිවුල
⁠ඌව පරණගම
⁠වැලිමඩ
⁠ලුණුගල
⁠⁠ඇල්ල
බණ්ඩාරවෙල
⁠සොරණාතොට

මහනුවර දිස්ත්‍රික්කය

උඩපළාත
⁠ගඟවට කෝරළය
උඩුදුම්බර
⁠දොළුව
⁠මිණිපෙ
⁠පාතහේවාහැට
⁠මැදදුම්බර
⁠දෙල්තොට
⁠අකුරණ
⁠ගඟඉහළ කෝරළය
⁠පාතදුම්බර
⁠යටිනුවර
⁠තුම්පනේ
⁠උඩුනුවර
⁠හාරිස්පත්තුව
⁠පූජාපිටිය
⁠පස්බාගෙ කෝරළය
⁠පන්විල
⁠හතරලියද්ද
⁠කුණ්ඩසාලේ

කෑගල්ල දිස්ත්‍රික්කය

මාවනැල්ල
⁠රඹුක්කන
⁠අරණායක
⁠බුලත්කොහුපිටිය
⁠ගලිගමුව
⁠කෑගල්ල
⁠යටියන්තොට
⁠⁠දෙහිඹ්විට

කුරුණෑගල දිස්ත්‍රික්කය

රිදීගම
⁠මාවතගම
⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය

නාඋල
⁠රත්තොට
⁠අඹන්ගඟ කෝරළය
⁠උකුවෙල
⁠විල්ගමුව
⁠යටවත්ත
⁠මාතලේ
⁠පල්ලෙපොල
⁠ලග්ගල පල්ලේගම

මොණරාගල දිස්ත්‍රික්කය

බිබිල
⁠මැදගම

නුවරඑළිය දිස්ත්‍රික්කය

වලපනේ
⁠හඟුරන්කෙත
⁠නිල්දණ්ඩාහින්න
⁠මතුරට
⁠නුවරඑළිය
⁠කොත්මලේ බටහිර
⁠කොත්මලේ නැගෙනහිර
⁠අඹගමුව
⁠තලවකැලේ
⁠නෝර්වුඩ්