බස්නාහිර පමණක් දුම්රිය ගමන්වාර කිහිපයක්

බස්නාහිර පමණක් දුම්රිය ගමන්වාර කිහිපයක්

November 28, 2025   03:37 pm

අද (28) දින සවස් කාලයේ දී දුම්රිය ගමන්වාර කිහිපයක් බස්නාහිර පළාත තුළ පමණක් ධාවනයට එක්කර තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය ප්‍රවාහන අවශ්‍යතාවයන් ඇති මගීන් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.

2025.11.28 දින සවස දුම්රිය ධාවන කාල සටහන 
කැලණිවැලි දුම්රිය මාර්ගය

SPL 01 - කොළඹ කොටුව - වග දක්වා  ප.ව.05.15-  මන්දගාමී
 
ප්‍රධාන දුම්රිය මාර්ගය

SPL 02 - කොළඹ කොටුව - මීරීගම දක්වා ප.ව.04.45 - මන්දගාමී

SPL 03 - මීරීගම - කොළඹ කොටුව දක්වා 
(SPL 02 දුම්රිය ලගා වු පසු නැවත එම දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වේ)

SPL 04 - කොළඹ කොටුව - මීරීගම දක්වා ප.ව.05.30 - මන්දගාමී

මුහුදුබඩ දුම්රිය මාර්ගය

SPL 05- මරදාන - අලුත්ගම  දක්වා ප.ව.04.30 - මන්දගාමී

SPL 06 - මරදාන - අළුත්ගම  දක්වා ප.ව.05.00  - මන්දගාමී

SPL 07 - මරදාන - ගාල්ල දක්වා ප.ව.05.25 - අර්ධ සීඝ්‍රගාමී (මරදාන සිට රත්මලාන දක්වා මන්දගාමී එතැන් සිට අළුත්ගම දක්වා දුම්රිය ස්ථාන පමණක් නතර කරනු ලැබේ. අලුත්ගම සිට නැවත ගාල්ල දක්වා මන්දගාමී)

SPL 08- මරදාන - අළුත්ගම  දක්වා ප.ව.06.00 - මන්දගාමී

පුත්තලම දුම්රිය මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ අද (28) දින සවස කිසිදු දුම්රියක් ධාවනය නොවන අතර  සියලුම දුම්රිය මාර්ගවල දුරගමන් සේවා සීඝ්‍රගාමී/ නගරාන්තර හා රාත්‍රී තැපැල්  දුම්රියන් අද දින ධාවනය නොවේ.