නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා

නැවත පාසල් ආරම්භය දෙසැම්බර් 16 වෙනිදා

November 28, 2025   06:37 pm

තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

මේ අතර උසස් පෙළ විභාගය දින නියමක් නොමැතිව කල්දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇති අතර,  ඒ පිළිබඳ දින වකවානුව ඉදිරියේ දී නිවේදනය කිරීමට නියමිතයි.

පාසල් ආරම්භක දිනයේ නැවත වෙනස් කිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.