ජීවිතයට සමුදුන් ගුවන් නියමුවා ගැන සංවේදී සටහනක්
December 1, 2025 07:57 am
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් විශේෂ සටහනක් තබා තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබුණි.
ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් - 212 හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබා දෙමින් සිටිය දී හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමක් සිදුකර තිබුණි.
එහිදී හෙලිකොප්ටර් යානය ඒ අසල ඇළකට වැටී අනතුරට පත්වුණි.
එම අවස්ථාවේ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසින් සහ පොලීසිය එක්ව ඔවුන් කඩිනමින් මුදාගෙන මාරවිල රෝහලට ඇතුළත් කර තිබුණි.
කෙසේවෙතත් එහිදී ප්‍රධාන ගුවන් නියමු විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා මියගිය බව පොලීසිය පැවසුවේය.
මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි වියේ පසු වන ගුවන් පැය 3,000 වැඩි ප්‍රමාණයක් සම්පුර්ණ කර තිබු පළපුරුදු ගුවන් නියමුවෙකු බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.
අනතුරින් තවත් ගුවන් හමුදා නිලදාරීන් සිව්දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
හදිසියේ ජීවිතයෙන් සමුගත් මෙම ගුවන් නියමුවා ගැන සමාජ මාධ්‍ය පුරා සංවේදී සටහන් බොහෝමයක් පළ වී තිබුණි.
මේ එවන් එක් උපුටාගැනීමකි...
පුංචි ..පුතකුගේ ආදරණීය පියකු වූ නිර්මාල්
DITWA සුළි කුණාටුව නිසා
තම ...ජීවිතය අකල් හි පූජා කල
ශ්‍රී ලාංකිකයන් අතරට
ඊයේ දිනයේදී එක්වුවේ
මිල කල නොහැකි ශ්‍රී ලාංකික
ගුවන් නියමුවරයෙක් ලෙස ..
රටේ හදවත් තුල
නොමැකෙන සිහිවටනයක් තබමින්...
.........................
