ගංවතුරේ සිරවී සිටි විදේශිකයින් 21 දෙනෙක් බේරාගනී

ගංවතුරේ සිරවී සිටි විදේශිකයින් 21 දෙනෙක් බේරාගනී

December 2, 2025   11:42 am

නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු බේරාගෙන තිබේ.

ඊයේ (01) පස්වරුවේ ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මඟින් බේරා ගෙන  කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් ඇත.