දිස්ත්රික්ක 6කට තවදුරටත් නායයෑම් රතු නිවේදන
December 2, 2025 08:57 pm
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක 06ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ, බදුල්ල, හපුතලේ, හාලි ඇල, කන්දකැටිය, පස්සර, මීගහකිවුල, ඌව පරණගම, වැලිමඩ, ලුණුගල, ඇල්ල, බණ්ඩාරවෙල, සොරණාතොට සහ හල්දුම්මුල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
මීට අමතරව මහනුවර දිස්ත්රික්කයේ උඩපලාත, ගඟවට කෝරළය, උඩුදුම්බර, දොළුව, මිණිපෙ, පාතහේවාහැට, මැදදුම්බර, දෙල්තොට, අකුරණ, ගඟ ඉහළ කෝරළය, පාතදුම්බර, යටිනුවර, තුම්පනේ, උඩුනුවර, හාරිස්පත්තුව,පූජාපිටිය,පස්බාගෙ කෝරළය,පන්විල, හතරලියද්ද සහ කුණ්ඩසාලේ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.
කෑගල්ල දිස්ත්රික්කයේ, මාවනැල්ල,රඹුක්කන,අරණායක,බුලත්කොහුපිටිය,ගලිගමුව,කෑගල්ල,යටියන්තොට,දෙහිඹ්විට,රුවන්වැල්ල,වරකාපොළ සහ දැරණියගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඊට අමතරව කුරුණෑගල දිස්ත්රික්කයේ, රිදීගම,මාවතගම,මල්ලවපිටිය,නාරම්මල,අලව්ව සහ පොල්ගහවෙල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
මාතලේ දිස්ත්රික්කය, නාඋල, රත්තොට, අඹන්ගග කෝරළය, උකුවෙල, විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලෙපොල සහ ලග්ගල-පල්ලේගම ප්රාදේශීය ලේකම් කොට්ඨසවලට මෙන්ම නුවරඑළිය දිස්ත්රික්කය,වලපනේ, හගුරන්කෙත,නිල්දණ්ඩාහින්න,මතුරට,නුවරඑළිය,කොත්මලේ බටහිර,කොත්මලේ නැගෙනහිර,අඹගමුව,තලවකැලේ සහ නෝර්වුඩ් යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.
මේ අතර අනතුරු ඇඟවීමේ මට්ටම 1 - මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති දිස්ත්රික්ක හා ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
කොළඹ දිස්ත්රික්කය:
- පාදුක්ක
- සීතාවක
ගම්පහ දිස්ත්රික්කය:
- අත්තනගල්ල
රත්නපුර දිස්ත්රික්කය:
- කිරිඇල්ල
- රත්නපුර
- ඇහැළියගොඩ
- කුරුවිට
- කොලොන්න
- ඇලපාත
- අයගම
- බලංගොඩ
- කලවාන
- ඉඹුල්පෙ
- කහවත්ත
- නිවිතිගල
- ඹ්පනායක
- ගොඩකවෙල
- පැල්මඩුල්ල
