ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම් තවදුරටත්
December 6, 2025 07:57 pm
පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම් මේ වන විටත් ආරම්භ වී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ මේ සඳහා යුද හමුදා සාමාජිකයින්, ගොවීන් මෙන්ම ස්වේච්ඡා සේවකයින්ගේද සහය ලැබී ඇති බවය.
ඒ අනුව දිවා රාත්‍රි වෙහෙසෙමින් මෙම අමුණ පිළිසකර කර ගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අමුණ ප්‍රතිසංස්කරණය සඳහා මේ වන විට පොලිසැක් උර 85,000ක් සහ ජම්බෝ උර 4,500ක් පමණ යොදා ගෙන ඇත.
මෙම අමුණ ඇලහැර, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ යන සියලු ගොවි ව්‍යාපාර වෙත ඇලහැර යෝධඇල ඔස්සේ ජලය රැගෙන යාමට ජලය එකතු කරගන්නා ප්‍රධාන අමුණද වේ.
