දෙසැම්බර් 31ට පෙර පොදු ප්‍රවාහනය යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා - ප්‍රවාහන ඇමති
December 8, 2025 04:26 pm
දෙසැම්බර් 31 වෙනිදා වන විට පොදු ප්‍රවාහන සේවාව යථා තත්ත්වයට පත්කිරීම රජයේ බලාපොරොත්තුව බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
සියයට සියයක් යථා තත්ත්වයට පත්කිරීම අසීරු වුවත් ආසන්න වශයෙන් සෑම මාර්ගයකම බස් ධාවනය දෙසැම්බර් 31 වන දිනට පෙර සිදුකර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
මේ අතර,දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් ඉතා වේගයෙන් සිදු කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරන්නට විය.
