කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹේ
December 28, 2025 07:30 pm
පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු හෙට (29) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් මෙසේ ධාවන කටයුතු නැවත ආරම්භ කරන බව එම නිවේදනයේ සඳහන්.
නොවැම්බර් මස අවසානයේ ශ්රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩා වැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටි ඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදා ගෙන යාම හේතුවෙන් කොළඹ කොටුව සිට හලාවත / පුත්තලම් අතර දුම්රිය ධාවනය ඇණහිටින ලදී.
ඒ හේතුවෙන් හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබු දුම්රිය කට්ටල 05ක් දුම්රිය ධාවනය සදහා යොදා ගැනීමට නොහැකි වූ අතර, එම මාර්ගයේ දුම්රිය ධාවනය, නාත්තන්ඩිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා විය.
කොළඹ කොටුව සහ හලාවත අතර හෙට උදෑසන සහ සවස් කාලයේ ධාවනය කරනු ලබන කාර්යාල දුම්රියන් පහත පරිදි වේ.
