වැටුණු රට ගොඩනැගීමට ජාතිභේද පසෙකලා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතුයි -අස්ගිරි මහ නාහිමි
January 1, 2026 08:52 am
වැටුණු රට ගොඩනැගීම සඳහා ජාතිභේද පසෙකලා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව උදාවූ නව වසර වෙනුවෙන් අනුශාසනාවක් සිදුකරමින් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි පවසති.
"ලැබුවාවූ නව වසර සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ශයක් වේවා කියලා ඉති සිතින් පාර්තනා කරනවා. වැටුණු රට නැවත ගොඩ ගැනීම සඳහා සෑම දෙනාම එකා වගේ සහයෝගයෙන් අපේ රට අපි කියන හැගීම ඇතිව මේ රට දියුණු කර ගැනීම සඳහා කවුරුත් වාද බේද නැතිව ක්‍රියා කරනවානම් හොදයි කියන එක විශේෂයෙන් සඳහන් කරනවා"
ස්වභාවික විපත් හේතුවෙන් කඩා වැටුණු ලෝකයේ වෙනත් රටවල් ගොඩනැගී ඇති අයුරු ආදර්ශයට ගෙන ශ්‍රී ලාංකික ජනතාව ද රට ගොඩනැගීමට එක්විය යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේය.
මේ අතර භේදීම්වලින් තොරව රට ගොඩනැගීමට සියලුදෙනා එක්විය යුතු බව උදා වූ නව වසර වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේය.
