ටෙස්ලා අබිබවා BYD ඉදිරියට

ටෙස්ලා අබිබවා BYD ඉදිරියට

January 3, 2026   09:33 am

2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ  BYD සමාගම පත්ව තිබේ.

මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගමය.

ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ BYD සමාගම මෙලෙස ඔවුන් අබිබවා ගොස් ඇත. 

ටෙස්ලා සමාගම 2025 වසරේ දී වාහන මිලියන 1.64ක් අලෙවි කර ඇති අතර, BYD සමාගම එම වාසරේ දී වාහන මිලියන 2.26ක් අලෙවිකර ඇති නවතම වාර්තාවකින් හෙළිවී තිබේ.

ඒ අනුව 2024 වසරෙට සාපේක්ෂව 2025 වසරේ දී ටෙස්ලා සමාගමේ වාහන අලෙවි 9%කින් පහත වැටී ඇති බව සඳහන්.