මුහුදේ පාවෙමින් තිබියදී මළසිරුරක් සොයාගැනේ
January 10, 2026 09:02 pm
උණවටුන ප්රදේශයේ ගොඩබිමේ සිට කිලෝමීටර තුනක් පමණ දුර මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් නාවික හමුදාව සහ වරාය පොලීසිය එක්ව ගොඩබිමට රැගෙනවිත් තිබේ.
ධීවරයන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම මළසිරුර සොයා ගෙන ඇත.
අදාළ පුද්ගලයා සතුව තිබී ගාල්ල මහාධිකරණයේ සේවය කරන බවට වූ හැඳුනුම්පතක් සොයාගෙන ඇති අතර එහි පදිංචිය වඳුරඹ ලෙස සඳහන් කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (11) පැවැත්වීමට නියමිතය.
මළසිරුර ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
