මෙරට අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනක්

මෙරට අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනක්

January 11, 2026   09:38 am

සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා මෙරට අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරටට ඉහළ පෙලේ සංචාරකයින් ගෙන්වා ගැනීමටනම් සංචාරකයින් සඳහා ලබාදෙන පහසුකම් වැඩිකළ යුතු බවය.

ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේය.