ගිනිකොන දිග ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි

ගිනිකොන දිග ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි

January 11, 2026   05:11 pm

ගිනිකොන දිග ඔස්ට්‍රේලියාවේ හටගෙන ඇති ලැව්ගිනිවලට හසුවීමෙන් නිවාස හා ගොඩනැගිලි 300කට අධික සංඛ්‍යාවක් විනාශයට පත්ව තිබේ.

ලැව්ගිනි හේතුවෙන් පුද්ගල මරණයක් ද වාර්තා වී ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි.

දින කිහිපයක සිට ව්‍යාප්ත වෙමින් පවතින ලැව් ගිනිවලින් වැඩිම බලපෑම වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට සිදුව ඇති බව ද සඳහන් වේ.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර පවතින අවදානම සැලකිල්ලට ගනිමින් පුද්ගලයින් විශාල පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

තද සුළං හා වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලැව්ගිනි තත්ත්වය තවත් දින ගණනාවක් පැවතීමේ අවදානම ද පවතින බව කාලගුණ බලධාරීන් පෙන්වා දී ඇත.