අරීනා සබලෙන්කා බ්‍රිස්බේන් ටෙනිස් අවසන් සටනට
January 11, 2026 05:46 pm
බ්‍රිස්බේන් ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා බෙලරුසියාවේ අරීනා සබලෙන්කා සමත්විය.
ඒ අවසන් පූර්ව තරගයේ දී චෙක් ජනරජයේ කැරොලින් මුඛෝවා පරාජය කරමිනි.
තරගය ආරම්භයේ සිට ක්‍රීඩිකාවන් දෙදෙනා අතර තියුණු සටනක් පැවති අතර, එහි පළමු වටය 6-3ක් ලෙස සබලෙන්කා ජයගත්තාය.
දෙවන වටයද තියුණු මුහුණුවරක් ගත්තද, එයද තියුණු තරගයකින් පසු 6-4ක් ලෙස ජය ගැනීමට ඇය සමත්වුණි.
මෙම තරගාවලියේ ගියවර කාන්තා ශූරිය වූයේද අරීනා සබලෙන්කාය.
