අරීනා සබලෙන්කා බ්‍රිස්බේන් ටෙනිස් අවසන් සටනට

අරීනා සබලෙන්කා බ්‍රිස්බේන් ටෙනිස් අවසන් සටනට

January 11, 2026   05:46 pm

බ්‍රිස්බේන් ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා බෙලරුසියාවේ අරීනා සබලෙන්කා සමත්විය.

ඒ අවසන් පූර්ව තරගයේ දී චෙක් ජනරජයේ කැරොලින් මුඛෝවා පරාජය කරමිනි.

තරගය ආරම්භයේ සිට ක්‍රීඩිකාවන් දෙදෙනා අතර තියුණු සටනක් පැවති අතර, එහි පළමු වටය 6-3ක් ලෙස සබලෙන්කා ජයගත්තාය.

දෙවන වටයද තියුණු මුහුණුවරක් ගත්තද, එයද තියුණු තරගයකින් පසු 6-4ක් ලෙස ජය ගැනීමට ඇය සමත්වුණි.

මෙම තරගාවලියේ ගියවර කාන්තා ශූරිය වූයේද අරීනා සබලෙන්කාය.