තායිලන්තයේ දුම්රිය අනතුරින් මියගිය පිරිස 28 දක්වා ඉහළට

තායිලන්තයේ දුම්රිය අනතුරින් මියගිය පිරිස 28 දක්වා ඉහළට

January 14, 2026   04:15 pm

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩාවැටීමෙන්, දුම්රිය පීලි පැනීමකට ලක්ව සිදුවු අනතුරින් මියගිය පිරිස 28 දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 64කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, අනතුර සිදු වන අවස්ථාවේ දී දුම්රියෙහි මගීන් 195 දෙනෙකු පමණ සිට ඇති බව සඳහන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට රජය නියෝග කර ඇත.