අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයා රිමාන්ඩ්
January 14, 2026 06:17 pm
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු එළැඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (14) දහවල් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බව සඳහන් කළේය.
පැමිණිලිකරුගේ වැඩිමහල් දියණිය මෙම වසරේ විශාඛා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර දීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් ලක්ෂයක මුදලක් අවස්ථා තුනකදී ලබාගෙන ඇති අතර ඉතිරි ලක්ෂ දෙකක මුදල ඉල්ලා ගත් අවස්ථාවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණය දැනුම් දී තිබේ.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අදාළ සැකකරු එළැඹෙන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.
