Rebuilding Sri Lanka අරමුදලට මූල්‍ය පරිත්‍යාගයක්
January 15, 2026 08:22 pm
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැපයුම්කරුවකු වන සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමක් විසින් USD 10,000 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
දේශය ගොඩනැගීමට සහාය දක්වන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලොව පුරා වෙසෙන තම සැපයුම්කරුවන් ගෙන් සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ආධාරය ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර ඇත.
ඊට අදාළ චෙක්පත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සහ කලමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර යන මහත්වරු විසින් පසුගියදා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වන ලදී.
