විදේශිකයන් පිරිසක් ගමන්ගත් වෑන් රථයක් අනතුරට
January 16, 2026 11:09 am
විදේශික සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්‍රෙගරි වැව අසල අනතුරකට ලක්ව තිබේ.
එම වෑන් රථය වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනය වෙමින් තිබු වැන් රථයක ඊයේ (15) පස්වරු තුනට පමණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර වෑන් රථ දෙකට දැඩි අලාභ හානි සිදුවී ඇත.
වැලිමඩ සිට කටුනායක දක්වා ධාවනය කළ වෑන් රථය අධික වේගය පාලනය කර ගත නොහැකිව ධාවනය වූ මංතීරුවෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට විමර්ශන නුවරඑලිය පොලිසියේ රථවාහන අංශය විසින් සිදුකරනු ලබයි.
