ජනපති නාගදීපය වැඳ පුදාගනී 

ජනපති නාගදීපය වැඳ පුදාගනී 

January 16, 2026   01:48 pm

උතුරේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නාගදීප රජමහා විහාරය වැඳපුදාගෙන ආශීර්වාදය ලබාගෙන තිබේ. 

ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් බැහැදැක ආශීර්වාදය ද ලබාගත්තේය. 

එහිදී මෑතකාලීනව වඩාත් ආන්දෝලනකයකට තුඩු දුන් යාපනය, තෛයිට්ටි තිස්ස විහාරය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. 

තිස්ස විහාරය පෞද්ගලික ඉඩමක ඉදිකර ඇති බවට පදුමකිත්ති තිස්ස නාහිමි මෑතකදී ප්‍රකාශ කර තිබීමත් විශේෂත්වයකි.