සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

January 16, 2026   05:22 pm

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණයන්ට අවස්ථාව ලබා දීමට මෙවර කටයුතු කර තිබේ.

ඒ අනුව අද (16) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී නවක සාමාජිකයන් ලෙස චරිත් අබේසිංහ, වැරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික යන තරුණ දේශපාලන නියෝජිතයන් රැසක් පත් කරන ලදී.

මෙම පිරිස අද (16) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී, සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සිය පත්වීමේ ලිපි ලබා ගත්තේය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්ව සිටියේය.