මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු තොගයක් විනාශ කෙරේ
January 16, 2026 06:23 pm
මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ටින් 2,447ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබ අධිකාරිය කටයුතු කර තිබේ.
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව විසින් නිකුත් කළ නියෝගයකට එම අධිකරණයේ අධිකරණය යටතේ විනාශ කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබ අධිකාරිය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 05 වැනිදා කොස්ගම ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී ප්‍රමිතියෙන් තොර මෙම ටින් මාළු තොගය අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන් වේ.
පාරිභෝගිකයා නොමඟ යවන ලෙස ලේබල් රහිතව හෝ ගලවා ටින් මාළු ගබඩා කිරීම, SLS ප්‍රමිති සහතිකය නොමැති වීම සහ නියමිත බිල්පත් ළඟ තබා නොගැනීම යන චෝදනා මත මෙම වැටලීම සිදු කර ඇත.
ඊට අදාළ නඩුව අද (16) අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී ව්‍යාපාරිකයා විසින් වරද පළිගන්නා ලදී.
ඒ හේතුවෙන් ඔහුට රුපියල් 20,000ක දඩ මුදලක් පැනවූ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.
