නීති විරෝධීව මෙරටට ගෙන්වූ  බීඩිකොළ තොගයක් කල්පිටියේදී අල්ලයි

නීති විරෝධීව මෙරටට ගෙන්වූ බීඩිකොළ තොගයක් කල්පිටියේදී අල්ලයි

January 16, 2026   06:33 pm

කල්පිටිය කුඩාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් ක‍ර තිබූ බීඩිකොළ කිලෝ ග්‍රෑම් 617ක තොගයක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇත.

සැකකටයුතු කැබ් රථයක් නවතා පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම නීතී විරෝධී බීඩිකොළ තොගය සොයා ගෙන ඇති බවද සඳහන් වේ.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කැබ් රථය සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබේ.