STF නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් යාපනයේදී අත්අඩංගුවට

STF නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් යාපනයේදී අත්අඩංගුවට

January 17, 2026   01:16 pm

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය නගරයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් ඉදිරිපිටදී, විශේෂ කාර්ය බළකා නිලධාරීන් පළඳින කලිසමට සමාන ඇඳුමක් හැඳ සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව ඊයේ (16) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව යාපනය මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත.

ඒ අනුව වැඩිදුර විමර්ශනවලින් පසු සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.