ඉන්දු - බංග්ලාදේශ විරසකය යොවුන් ලෝක කුසලානයටත්

ඉන්දු - බංග්ලාදේශ විරසකය යොවුන් ලෝක කුසලානයටත්

January 17, 2026   03:31 pm

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ගොඩනැගෙමින් තිබෙන ක්‍රිකට් විරසකය 19න් පහළ ලෝක කුසලානයටද පැමිණ තිබේ.

සිම්බාබ්වේ හා නැමීබියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේ ඉන්දියාව හා බංග්ලාදේශය මූලික වටයේ 'B' කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබයි.

ඔවුන් අද (17) බුලවායෝහිදී ක්‍රීඩාකරන අතර, එහි කාසියේ වාසිය උරගාබැලීමේ අවස්ථාවේ දී කණ්ඩායම් නායකයින් කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව අතට අත දීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව ඉන්දියාව හා පාකිස්තානය අතර ගොඩනැගී ඇති ක්‍රිකට් විරසකය මෙන් බංග්ලාදේශය අතර විරසකයද ඔඩු දුවා තිබේ.