බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ තුන්වන අදියරට අනුමැතිය

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ තුන්වන අදියරට අනුමැතිය

January 20, 2026   02:38 pm

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කිරුළපන මංසන්ධියේ සිට කොළඹ - හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර් 0.86ක් දුරක් මංතීරු 6කින් යුත් මාර්ගයක් ඉදිකිරීමට 2009 නොවැම්බර් මස 11 වන දින පැවති කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය හිමිව තිබුණි.

කෙසේ වෙතත් 2022 පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා තිබේ.

පසුව මෙරට ජාතික මාර්ග ප්‍රධාන සැලැස්ම යටතේ ප්‍රමුඛ යටිතල පහසුකමක් ලෙස මෙම මාර්ගය ඉදිකිරීම හඳුනාගෙන මේ වනවිට අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතුවලින් 90%ක් පමණ අවසන් කර ඇත.

කොළඹ - හොරණ මාර්ගයේ ගමන් කාලය සහ රථවාහන තදබදය මෙමඟින් සැලකිය යුතු ලෙස අඩුවන අතර, නාගරික සංචලනය හා ආර්ථික ඵලදායිතාවය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව බේස්ලයින් මාර්ගයේ දීර්ඝ කිරීමේ තුන්වන අදියරේ ඉදිකිරීම් නැවත ආරම්භ කරන්න ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.