නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13කට නීතිය ක්‍රියාත්මක වෙයි
January 20, 2026 02:44 pm
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 13 දෙනෙකු කිලිනොච්චි වලෙයිපාඩු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින්, කිලිනොච්චි වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ ඊයේ (19) අලුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම පිරිස කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටිය දී සිය භාරයට ගෙන ඇත්තේ මුහුදු කූඩැල්ලන් 1,108ක පමණ තොගයක් සමගිනි.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබූ කිමිදුම් උපකරණ සහ ඩිංගි යාත්‍රා 4ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 29 ත් 67 ත් අතර වයසේ පසුවන මන්නාරම, පල්ලිමුනේ, තොට්ටවේලි, සවුද්බාර් සහ එළුතූර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.
එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී ඇත.
