තුසිත හල්ඔළුවට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

තුසිත හල්ඔළුවට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

January 20, 2026   03:03 pm

නාරාහේන්පිට ප්‍රදේශයේ දී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා හා තවත් දෙදෙනෙකු ගමන් ගත් ජීප් රථයට වෙඩි තැබූ බවට පවසන සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුව ගෙන ඇත.

ඊයේ (19) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ ප්‍රදේශයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 450 ක් සොයාගෙන ඇති අතර ඔහු ගමන් කරමින් සිටි යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් බවද අනාවරනය වී ඇත.

සැකකරු වයස අවුරුදු 30 ක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ 2025.01.18 වනදා ද කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි බවත් එය ව්‍යථ වීමෙන් පසු වෙඩි තැබීමට රැගෙන ආ ගිනි අවිය යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රැගෙන ගිය බවත්ය.

යතුරු පැදිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළි ඇත්තේ එහි ලියාපදිංචි අංකය වෙනත් යතුරු පැදියක අංකයක් බවය.

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවට අනාවරනය වී තිබේ.