ෂැංහයි නුවරට වාර්තාගත හිමපතනයක්
January 20, 2026 04:40 pm
චීනයේ ෂැංහයි නුවරට වාර්තාගත හිමපතනයක් සිදුව තිබේ.
අධික ශීත කාලගුණ තත්ත්වයත් සමග මෙම හිමපතනය සිදුව ඇති අතර මේ හේතුවෙන් නගරයේ ඇතැම් මාර්ග වසා දැමීමට ද සිදුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2018 වසරේ ජනවාරි මාසයට පසුව ෂැංහයි නුවරට මෙවැනි හිමපතනයක් සිදුවු පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.
අධික ශීත කාලගුණ තත්වයෙන් චීනයේ ප්‍රාන්ත 12කට පමණ බලපෑම් එල්ල වී ඇති අතර හිම පතනයත් සමග රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
