අමෙරිකාවේ ප්‍රබල හිම කුණාටුව හේතුවෙන් නිවාස මිලියනයකට විදුලිය විසන්ධි වෙයි
January 26, 2026 07:42 am
අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එහි නිවාස මිලියනයකට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට එක්සත් ජනපදයේ ගුවන් ගමන් 10,000කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇතැයිද සඳහන් වේ.
එක්සත් ජනපද බලධාරීන් අපේක්ෂා කර ඇත්තේ මෙම සුළි කුණාටු තත්ත්වයෙන් අමෙරිකානුවන් මිලියන 200කට අධික පිරිසකට බලපෑම් ඇති විය හැකි බවය.
මේ අතර පවතින තත්ත්වය මත එරට ප්‍රාන්ත කිහිපයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබුණි.
ඒ අනුව හදිසි අවස්ථාවන්හිදි මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය ඇතැම් ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇති බවත් සඳහන් වේ.
එමෙන්ම සැතපුම් 2,300ක් පුරා විහිදෙන මෙම ශීත කුණාටුව නැගෙනහිර සහ දකුණු ප්‍රාන්තවලට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
