පියතුමාට පහර දුන් තිදෙනෙකු පෙරට්ටුවේදී හඳුනාගැනේ
January 29, 2026 11:28 am
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනාගෙන් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ, එම නිලධාරින් අද (29) ගම්පහ අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මේ වනවිට ඊට අදාළ නඩුව විභාග කෙරෙන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
