අමෙරිකාවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගුයි
February 2, 2026 11:18 am
අමෙරිකාවට බලපා ඇති ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගුවන් ගමන් වාර 1,200කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශීත කුණාටු තත්ත්වයෙන් එරට ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්‍රයන්ට දැඩි බලපෑම් එල්ලවී ඇති බවය.
එමෙන්ම පුද්ගලයින් 178,000කට අධික පිරිසකට විදුලි සැපයුම ද බිඳ වැටී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ශීත කුණාටු තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කළ හැකි බව අමෙරිකානු කාලගුණ බලධාරීන් පවසයි.
