කිසිදු මොඩියුලයක් ඉවත් කරගෙන නෑ-අගමැති හරිනි

කිසිදු මොඩියුලයක් ඉවත් කරගෙන නෑ-අගමැති හරිනි

February 3, 2026   01:30 pm

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය ‍සඳහා හඳුන්වා දුන් කිසිදු මොඩියුලයක් ඉවත් කර ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඇය පෙන්වාදෙන්නේ එම ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. 

"6 වසරේ පළවෙනි වාරයේ මොඩියුල තමා ප්‍රින්ට් කරලා තියෙන්නේ. ඒවයින් සියල්ලම ප්‍රතික්ෂේප කරලත් නෑ. අයින් කරලත් නෑ. අපි 6 වසර 2027 ක්‍රියාත්මක කරන්න යෝජිතයි.  2027 ක්‍රියාත්මක කරනකොට ඒවා භාවිතා කරන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒක මේ වෙලාවේ අයින් කරලවත්, පාඩුවක් වෙන විදියට කිසිම තීරණයක් අරන් නෑ"

"6 ‍ශ්‍රේණියේ පෙළ පොත් අපි මේ වෙනකොට ප්‍රින්ට් කරලා ගබඩාවල තියෙන ඒවා බෙදන්න පටන් අරගෙන තියෙනවා. පෙබරවාරි මාසේ මැද වෙනකොට සියලුම පෙළපොත් අපි බෙදන්න සූදානම් කරලා තියෙනවා. ගුරුවරුන් උගන්වන වැඩේ ආරම්භ කරලා තියෙනවා. පරණ සිලබස් එක නිසා ඒවා උගන්වන්න හැකියාව තියෙනවා ගුරුවරුන්ට"