කාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

February 3, 2026   06:36 pm

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පල්ලේකැලේ පැවැත්වෙන තුන්වන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

එංගලන්ත කණ්ඩායම තරග 2ට 0ක් ලෙස මේ වන විට තරගාවලියේ ජය අත්කරගෙන තිබේ. 

මේ අතර අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආංචිමාර්ග පවසයි. 

ඒ අනුව පාදයේ ආබාදයකට ලක්වී සිටින වනිඳු හසරංග වෙනුවට මහීෂ් තීක්ෂණත්, උරහිසේ ආබාධයකට ලක්ව සිටින ඒෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂානුත් අද තරගයට එක්වීමට නියමිතය.