2025දී රථ වාහන දඩ GovPay හරහා ගෙවූ රියදුරන් ගණන 40,000 ඉක්මවයි

2025දී රථ වාහන දඩ GovPay හරහා ගෙවූ රියදුරන් ගණන 40,000 ඉක්මවයි

February 4, 2026   11:52 am

රථ වාහන වැරදි සඳහා දඩ ගෙවීමට හඳුන්වා දුන් "GovPay" යෙදවුම භාවිත කරමින් 2025 වසරේ රියදුරන් 40,000කට වැඩි පිරිසක් ගෙවීම් සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව රියදුරන් 46,635 දෙනෙකු මෙලෙස දඩ ගෙවීම් "GovPay" යෙදවුම හරහා සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ වසරේ ජනවාරි 01 වනදා සිට 24 වනදා දක්වා කාලයේදී රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 11,715 දෙනෙකු "GovPay" යෙදවුම හරහා දඩ මුදල් ගෙවා තිබේ. 

ඉන් වැඩිම දඩ ප්‍රමානයක් අයකරගෙන ඇත්තේ අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාසයෙන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.