සිදුවෙන්න ගිය ඛේදවාචයක් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ පිහිටෙන් වැළකෙයි

සිදුවෙන්න ගිය ඛේදවාචයක් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ පිහිටෙන් වැළකෙයි

February 4, 2026   10:26 pm

නිලාවේලි වෙරළ තීරයේ අද (4) පස්වරුවේ දියනාමින් සිටි 07 දෙනෙකු හදිසියේ දියවැළකට හසුව ගසාගෙන යාමේදී, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සහ නාවික හමුදා වෙරළාරක්ෂක නිලධාරීන් එක්ව ඔවුන් සියලුදෙනාම නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.

එම සියලුදෙනාටම මූලික ප්‍රතිකාර ලබාදී ඇති අතර, ඉන් දෙදෙනෙකු 1990 සුවසැරිය ආධාරයෙන් නිලාවේලි ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ කෑගල්ලේ සිට විනෝද චාරිකාවක පැමිණි පිරිසක්ය.

ඔවුන් තවත් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග මෙම විනෝද චාරිකාවට පැමිණ තිබේ.