මඩකලපුවෙන් රොකට් ලෝන්චර් 3ක් හමුවෙයි
February 7, 2026 12:36 pm
මඩකලපුව, කුඩුම්බිමලෛ ප්රදේශයේ පොළොව යට වළ දමා තිබිය දී ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් (Rocket Launcher) වර්ගයේ ගිනිඅවි 3ක් සොයා ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව කුඩුම්බිමලෛ ප්රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම ගිනිඅවි සොයා ගෙන ඇත.
සොයාගත් ගිනිඅවි ත්රිත්වය වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලීසිය වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
