අමෙරිකාවේ ශීත කාලගුණයෙන් 18දෙනෙකු මරුට
February 10, 2026 10:33 am
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපෑ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ ජනවාරි මාස අග සිට නිව්යෝර්ක් නගරයට දැඩි ශීත කාලගුණික තත්ත්වයක් හටගෙන තිබූ බවය.
දින 13ක කාලයක් සෙල්සියස් අංශක බිංදුවේ හෝ ඊට අඩු අගයක එම උෂ්ණත්වය පැවති බව සඳහන් වේ.
ඉදිරි දිනවල දී අධික ශීතල සහ හිම පතනය හේතුවෙන් නිව්යෝර්ක් නගරය පුරා බරපතල අවදානම් තත්ත්වයක් පැවතිය හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
