මාපිටිය ගල් වලේ බෝර දැමූ ගලකට යටවී දෙදෙනෙක් මරුට

මාපිටිය ගල් වලේ බෝර දැමූ ගලකට යටවී දෙදෙනෙක් මරුට

February 14, 2026   12:40 pm

ලියන්ගහවෙල, මාපිටිය ගල්වලේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු අද (14) එහි එහි සිදුකළ බෝර ගැසීමක් අතරතුර පස් හා ගල්වලට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

බණ්ඩාරවෙල - පූනාගල මාර්ගයේ 16-17 කිලෝමීටර් කණු අතර මෙම ගල්වල පිහිටා තිබේ.

මියගිය අයගේ සිරුරු ගොඩගැනීමට සඳහා යුධ හමුදාවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසීය.