AI Impact සමුළුව අද ඇරඹෙයි

AI Impact සමුළුව අද ඇරඹෙයි

February 16, 2026   10:15 am

කෘතිම බුද්ධිය (AI) මගින් ඇතිවන රැකියා අර්බුදය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ලෝක අවධානය යොමු කරමින් "AI Impact Summit 2026" අද (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත මෙම පස්දින සමුළුව සඳහා ලෝක නායකයින් 20දෙනෙකු සහ රටවල් 45ක අමාත්‍ය මට්ටමේ නියෝජිත පිරිසක් සහභාගී වන බව වාර්තා වේ.

මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ AI තාක්ෂණය මගින් සිදුවන සමාජීය හා පාරිසරික අවදානම් අවම කරමින්, ගෝලීය සහයෝගීතාව සඳහා පොදු මාර්ග සිතියමක් සකස් කිරීමය.

විශේෂයෙන්ම මෑතකාලීනව මහත් ආන්දෝලනයකට තුඩු දුන් 'Deepfakes' සහ ළමුන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වන හානිකර අන්තර්ගතයන් පාලනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.