අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
February 16, 2026 03:58 pm
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අවුරුදු 20 සහ 24 යන සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කොට්ටා ප්‍ර දේශයේ සිදුකළ වැටලීමකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම ඔවුන් භාවිතා කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
