එළැඹෙන 20 සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා කොළඹට
February 16, 2026 04:20 pm
බුද්ධ ශාසනයට එරෙහි ක්‍රියාමාර්ග හේතුවෙන් සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා ලබන 20 වැනිදා කොළඹට කැඳවා දැනුවත් කිරීමට පියවර ගන්නා බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසයි.
අද (16) පැවති මාධ්‍ය සාකාච්ඡාවකට එක් වෙමින් එම හිමියන් මේ බව පැවසීය.
උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ මෙය රජයට කරන අනතුරු ඇඟවීමක් බවයි.
"මීට කලිනුත් ආණ්ඩු තිබුණා. යම්යම් අඩුපාඩුකම් හැම ආණ්ඩුවකම දකින්න තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කලා වගේ අඩුපාඩු නැති කිසිවෙක් නෑ. නමුත් රාජ්‍යක් හැටියට අපි අපේම ඡන්දයෙන් පත්කර ගත්ත, රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගත්ත ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදාක තිබිලා නෑ මේ තරම් ඉලක්ක කොට සමස්ථ ශාසනයටම ප්‍රහාර එල්ල කරන ආණ්ඩුවක්"
