මතීෂ වෙනුවට නම්කළ ඩිල්ශාන්ට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය

මතීෂ වෙනුවට නම්කළ ඩිල්ශාන්ට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය

February 18, 2026   06:33 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට නම්කළ ඩිල්ෂාන් මධුසංකට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධය හේතුවෙන් මතීෂට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය 16 වනදා පැවැති තරගයේදී ආබාධයකට ලක්විය.